Three-year-old daughter who went with father to pick up mother dies in car accident

සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන සිය මව සේවය නිමවා නිවසට රැගෙන ඒම සඳහා පියා සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි තුන් හැවිරිදි දැරියක්, සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ශෝකජනක සිදුවීම සීගිරිය - දිගම්පතහ මාර්ගයේදී පෙරේදා (11) දින සිදුවී ඇති බව සීගිරිය පොලීසිය පවසයි.



අනතුරින් මියගොස් ඇත්තේ දඹුල්ල, සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි සසිත්මි නෙහන්සා අළුවිහාරේ නැමති තුන් වියැති දියණියයි.

පියා විසින් දියණිය යතුරුපැදියේ ඉදිරිපස රඳවාගෙන ධාවනය කරමින් සිටියදී,

ඔවුන් ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථයක පිටුපස යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. යතුරුපැදිය ගැටීමත් සමග ඉදිරියෙන් සිටි දැරිය මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

දැරියගේ පියා පොලීසියට පවසා ඇත්තේ, ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථය එකවරම මාර්ගයේ නැවැත්වීම හේතුවෙන් තමන්ට යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකි වූ බවයි. දිනපතාම තම මව රැගෙන ඒමට යාම සඳහා දියණිය දැඩි කැමැත්තක් දැක්වූ බවත්, සිදුවීම වූ දිනයේ ද හිස්වැසුම් රැගෙනවිත් මව රැගෙන ඒමට යන ලෙස ඇය ඉල්ලා සිටි බවත් පියා සංවේදීව ප්‍රකාශ කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ දැරිය කිඹිස්ස රෝහල වෙත රැගෙන යමින් සිටියදී සිය දෑතේම මියගිය බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



gossiplanka image 2